LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

රූපවාහිනි සංස්ථාව සතු ගෝඨා ගෝ ගම සිද්ධියේ විඩියෝ පට CID ක හා CCD ක ඉල්ලයි .

පසුගිය 09 වනිදා ගෝඨා ගෝ ගමට සිද්ධියට අදාළව ජාතික රූපවාහිනී සංස්ථාව සතුව ඇති විඩියෝ පට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඉල්ලා ඇති බවත් එම විඩියෝ පට ලබාදීමට රූපවාහිනී සංස්ථාවේ සභාපති සෝනාල් ගුණවර්ධන කටයුතු කරමින් සිටින බව රූපවාහිනී ආරංච් මාර්ග සඳහන් කරයි .

මානව හිමිකම් කොමිසමෙන් ගෝඨා ගෝ ගමට පහාරදීමට අදාළ විඩියෝ පට එහි සභාපතිවරයගෙන් ඉල්ලා ඇති බවත් ගෝඨා ගෝ ගමට පහාරදුන් විඩියෝ පට රූපවාහිනී සංස්ථාව සතුව නැතැයි සභාපතිවරයා පවසා ඇති බවත් වාර්තාවේ .

ගෝඨා ගෝ ගමට පහාර දුන් දේශපාලන මැරයන් ගේ පටිගත කරන ලද විඩියෝ පට මානවහිමිකම් කොමිසමෙන් ඉල්ලද්දී නැතයි පැවැසු රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා අරගලකරුවන් ගේ විඩියෝ පට අපරාධ පරික්ෂණ දේපාර්මේන්තුව සහා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඉල්ලද් දී එම විඩියෝ පට ලබාදීමට සභාපති ගුණවර්ධන එකඟ වි ඇත .
සොනාල් ජනධිපති ගෝඨාය රාජපක්ෂ බලයට ගෙන ආ ප්‍රචාරක ව්‍යාපෘතියේ ඉදිරි පෙලේ කසකරුවෙක් බවත් ඔහු කළ මෙහෙවර වෙනුවෙන් රූපවාහිනි සංසථාවේ සභාපතිකම පිරිනමා ඇති බවත් සොනාල්ට ජනමාධ්‍ය විෂය සම්බන්ධව දැනුමක් නැතැයි එහි සේවකයෝ පවසති .

රූපවාහිනී සංසථාවේ සභාපතිවරයා ඔහු ගැන වරණා කර ජනාධිපතිවරයාට ලියුම් යවන්නැයි එම ආයතනයේ කළමනාකරුවන්ට බල කර සිටින බව රූපවාහිනි සංස්ථාවේ සේවකයෝ වැඩිදුරටත් අප සමඟ පැවසුහ .

3 thoughts on “රූපවාහිනි සංස්ථාව සතු ගෝඨා ගෝ ගම සිද්ධියේ විඩියෝ පට CID ක හා CCD ක ඉල්ලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *